අපි ගැන

ශ්‍රී කාගෝ අපි

2007 වර්ෂයේ සිට අප ආයතනය දකුණු කොරියාවේ සිට ශ්‍රීලංකාව වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විශ්වාසදායි සහ ප්‍රමුඛතම ආයතනය වන්නෙමු . කොරියාවේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනා ඇති අප ආයතනය , සහන මිලට සහ වැඩිම සේවා වටිනාකමකින් යුක්තව ඉතාමත් සුරක්ෂිතව අපගේ සියළු පාරිභෝගික ඔබ වෙත අපගේ විශ්වාසනිය සේවාවන් ලබා දිමට බැඳී සිටිමු . තෙවන පාර්ශව සම්බන්ද නොවීම සහ සහෝදර සමාගමක් බැවින් විනිවිද කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ඔබ වෙත ලබාදීමට අපට හැකි වී ඇත .

ශ්‍රී කාර්ගෝ අපගේ සේවාවන් ව්‍යාප්ත කර ඇත්තේ එකිනෙක පුද්ගල අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන ආකාරයෙනි. අපගේ සේවාවන් හරහා මුලිකව භාණ්ඩ ප්‍රවාහනය, රේගුවෙන් භාණ්ඩ නිදහස් කර තැබීම සහ ඉතාමත් සුරක්ෂිතව ඔබ ආදරණියන් අතට පත් කිරීම හෝ ඔබ වෙතට ලබාදීම , භාණ්ඩ අලෙවිකරණය යන ක්ෂේත්‍රයන් ආවරණය වේ..

අපගේ කාර්යයන්

අපගේ මුලික පරමාර්ථයනම් ඔබ ඉතා මහන්සිවී උපයන ආදායමට සරිලන ලෙස ඉතාමත් විශ්වාසදායි සහ සුරක්ෂිත භාණ්ඩ ප්‍රවාහන හා සේවා සැපයීමේ ක්‍රියාවලියක් ඔබ සහ අප අතර ඇති විශ්වාසය මතින් ගොඩ නැගීමයි.
එමෙන්ම ඔබට ශ්‍රී ලංකාව වන අප මව් රටට යාමට සහ ඒමට ගුවන් ටිකට් පත්,
කොරියාවේ නිෂ්පාදිත ගෘහභාණ්ඩ, විදුලි උපකරණ , නිමි ඇඳුම්,
මෙට්ට ( Mattress ) , ග්‍රෑන්ඩ් පා ඔරලෝසු ( Grandpa clocks ) ආදි ඔබට අවශ්‍ය සියලු දේ ඉතාමත් සහනදායි මිලට ඔබ වෙත ලබාදීමට සහ සැපයිමට අප බලාපොරොත්තු වෙමු.

මෙහෙවර

අපගේ මුලික අරමුණ වන්නේ ඉතාමත් සාදාරණ මුදලකට වැඩි වටිනාකමක් ලැබෙන ලෙස අපගේ සේවාවන් කාර්යක්ෂමව සහ විශ්වාසීව ඔබ වෙතට ලබා දීමයි. මෙහිදී අපගේ ක්‍රියාශීලී සේවක සමූහය හා නවීන තාක්ෂණ පද්ධති සහ අපගේ සන්නිවේදන ක්‍රම මගින් ඒ සඳහා ඔබට උපකාරීවීමට අපි බැඳී සිටිමු.එමෙන්ම කොරියාවේ සිට අප වෙත භාණ්ඩ ලැබුණු පසු ඉතා අඩු දින ගණනකදී ඔබ වෙතට පත් කිරීම අප ආයතනයේ මුලික වගකීමක් කොට සලකමු .

දැක්ම

අපගේ දැක්ම වන්නේ අපගේ පාරිභෝගිකයන්, සේවකයන් සහ ව්‍යාපාර හවුල් කරුවන්ට කැපවීමෙන් සේවා සැපයීම මඟින් ගෞරවයට පාත්‍ර වන ,නව තාක්ෂණ විදි සහ ක්‍රම මගින් නව ලොවට සරිලන ලෙස අප මව් බිමට ආඩමබරයක් ගෙන ආ හැකි ආයතනයක් බවට පත් වීම සහ ලොව පුරා අප ආයතනය ව්‍යාපත්ත කිරීමටයි.